යහපාලන රජයේ හිටපු ඇමැතිවරු 14 ක් නිළ නිවාස වලින් යන්න බෑ කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 2, 2020

යහපාලන රජයේ හිටපු ඇමැතිවරු 14 ක් නිළ නිවාස වලින් යන්න බෑ කියති

සුගිය එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය සමයේ හිටපු ඇමැතිවරුන්ගෙන් 14 දෙනකු තමන් භාවිත කළ නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට ඉඩ දෙන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්  ප්‍රකාශ කළේය.

හිටපු ඇමැතිවරුන් ලිඛිතව එම ඉල්ලීම කර ඇති බවත් කිසිසේත් එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් වහාම නිල නිවාස භාරදීමට කටයුතු කරන ලෙසත් එසේ නෙකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැතිවරයා හිටපු ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.

ඒ අනුව මේ වනතෙක් නිල නිවාස භාරදීමට කටයුතු නොකළ ඇමැතිවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවසර ඉල්ලා කථානායක කරු ජයසූරියට ලිපියක්ද යොමු කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසු නිල නිවාසවලින් ඉවත් වීම සඳහා තෙමසකට වැඩි කාලයක් සියලුම හිටපු ඇමැතිවරුන්ට රජයෙන් ලබාදී තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad