නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ පුද්ගලයින් හය දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය බලධාරින් නිවේදනය කර සිටිනවා.
වාර්තා ගත ලෙස මරණ සංඛ්‍යාව ඉහල යාමත් සමග වොෂින්ටන් ප්‍රාන්තයේ පාසැල් 48ක් වසා දැමීමට බලධාරින් නියෝග කර තිබෙනවා.
අමෙරිකානු බලධාරින් සඳහන් කර සිටින්නේ මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 100 දෙනෙක් එරටින් වාර්තා වන බවත් ඉන් 43 දෙනෙකුම ජපානයේ සිට රැගෙන ආ ඩයමන්ඩ් ප්‍රින්සස් සංචාරක නෞකාවේ සිටි පුද්ගලයින් බවයි.
මේ අතර යුරෝපා සංගමය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 27 න් 18 කම කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී තිබීම මිට හේතුවක් වී තිබෙනවා.
නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයින් 52ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ ඉතාලියේ මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2,036 දෙනෙක් සිටින බවයි.
මේ අතර ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනිගේ උපදේශකවරයෙක් ද නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මොහොමඩ් මීර්මොහොමඩි නම් මෙම උපදේශකවරයා කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ වන විට ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 66ක් වාර්තා වන අතර වෛරසය ආසාධිත වුවන් 1500කට අධික පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටියි.
කොරෝනා වෛරසය පාලනය කිරිමේ අරමුණින් හදිසි වෛද්‍ය ආධාර රැගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කණ්ඩායමක් ඉරානයට අද පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
චීනයෙන් පසු වැඩිම වෛරස් ආසාධිතයින් වාර්තා වන දකුණු කොරියාවෙන් නවතම කොරෝනා වෛරස් ආසාධිතයින් 123 දෙනක් හඳුනා ගෙන ඇති බව නිවේදනය කර සිටිනවා. මේ වන විට දකුණු කොරියාවේ කොරෝනා වෛරසය ආසාධිත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 4335ක් වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම දත්ත වලට අනුව නව කොරෝනා වෛරව ආසාධිත පුද්ගලයින් ලොව රටවල් 62කින් වාර්තා වනවා.
Monday, March 2, 2020

Home
ප්රවෘත්ති
කොරෝනා වෛරසය ලොව රටවල් 62ක් ආක්‍රමණය කරයි : අමෙරිකාවේ මරණ ගණන 6 ක් දක්වා ඉහලට - වොෂින්ටනයේ පාසැල් 48 ක් වසා දමයි
කොරෝනා වෛරසය ලොව රටවල් 62ක් ආක්‍රමණය කරයි : අමෙරිකාවේ මරණ ගණන 6 ක් දක්වා ඉහලට - වොෂින්ටනයේ පාසැල් 48 ක් වසා දමයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment