පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන අතර නාමයෝජනා භාර ගැනීම එළඹෙන 12 වැනිදා සිට 19 වැනිදා දහවල් 12.00ට අවසන් වෙයි.
මහා මැතිවරණයෙන් අනතුරුව 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වැනි දින පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හතරහමාර ඉක්මවීමෙන් පසු විධායක ජනාධිපතිවරයා සතු බලතල අනුව මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය.
මෙවර පාර්ලිමේන්තුවේ වසර පහක නිල කාලය අවසන් වීමට පෙර විසුරුවා හැරීම නිසා 2015 මහ මැතිවරණයෙන් පත් වූ මන්ත්‍රීවරු 60 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වීමද සිදුවෙයි.
Monday, March 2, 2020

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි!
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment