‘අපිට ලැබෙන්න තිබු මනාපෙටත් කෙලියා.. මේකා කරුමයෙක්..’ උකුසු ප‍්‍රකාශයට සිරිසේනට ශ‍්‍රීලනිපයෙන් දැඩි විරෝධය.. ප‍්‍රසිද්ධියේ සමාව ගන්වන බව ශ‍්‍රීලනිය පොහොට්ටු ප‍්‍රබලයාට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 2, 2020

‘අපිට ලැබෙන්න තිබු මනාපෙටත් කෙලියා.. මේකා කරුමයෙක්..’ උකුසු ප‍්‍රකාශයට සිරිසේනට ශ‍්‍රීලනිපයෙන් දැඩි විරෝධය.. ප‍්‍රසිද්ධියේ සමාව ගන්වන බව ශ‍්‍රීලනිය පොහොට්ටු ප‍්‍රබලයාට කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොහේවත් යන උකුසු කතාවක් කියා ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන්ට වැලේ වැල් නැති කල බව ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සදහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක උකුසු ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානියෙකු සමග කණගාටුව පල කරමින් එම හ‍්‍රීලනිප ප‍්‍රබලයා මේ බව කියා ඇත.
සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශය හේතුවෙන් ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන්ට පොහොට්ටුවෙන් ලැබෙන මනාප සංවිධානාත්මක ලෙස අඩු කිරීමට කටයුතු නොකරන්නැයි ඔහු පොහොට්ටුවෙන් ඉල්ලා තිබේ.

මෙම ප‍්‍රකාශය වැරදීමක් බවත් ඒ ගැන කණගාටුව පල කරමින් හිටපු ජනාධිපතිවරයා ලවා යළිත් ප්‍රකාශයක් කරවීමට උත්සාහ කරන බවද ඔහු දැනුම් දී ඇත.

කෙසේ නමුත් පොහොට්ටුවේ පාක්ෂිකයන් සහ ක්‍රියාකාරීන් ස්වාධීනව සිදුකරන ලෙස කටයුතු සම්බන්ධයෙන් තමන්ට මැදිහත් විය හැක්කේ සීමාවක් තුල පමණක් බවත් මෙම පක්‍ෂය හැදුනේ පොදු මහ ජනතවගෙන් නිසා එයට අවනත වීමට තමනටද සිදුවන බවත් පොදුජන පෙරමුණේ ප‍්‍රබලයා අවධාරණය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad