පරීක්ෂණ වාර්තා කණපිට හරවමින්, නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් ගිනි අවිය ගැන වෙඩි තැබීමේ සම්මේලනය නිකුත් කළ නවතම නිවේදනය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 9, 2020

පරීක්ෂණ වාර්තා කණපිට හරවමින්, නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් ගිනි අවිය ගැන වෙඩි තැබීමේ සම්මේලනය නිකුත් කළ නවතම නිවේදනය මෙන්න

ජූනි මස 12 වැනිදා නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් මාදිලියේ ගිනි අවි මෙරට වෙඩි තැබීමේ ක්‍රීඩාව  සඳහා උපයෝගී කර නොගන්නා බව ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


එබැවින් එම පුද්ගලයා සියදිවි හානි කරගැනීමට යොදාගත් ගිනි අවිය වෙඩි තැබීමේ  ක්‍රීඩාව  සඳහා උපයෝගී කරගන්නා ගිනි අවියක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් ඇතැම් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා පළවූ පුවත් පිළිගත නොහැකි බවද එම නිවේදනයේ ඇතුළත් වේ.

සියදිවි හානිකර ගැනීම සඳහා එම පුද්ගලයා උපයෝගී කරගෙන ඇත්තේ පොයින්ට් 22 අර්ධ ස්වයංක්‍රීය මයික්‍රෝ පිස්තෝලයක් බවත්, එම පිස්තෝල වර්ගය උපයෝගි කරගන්නා කිසිදු තරග ඉසව්වක් ශ්‍රී ලංකාවේදී නොපැවැත්වෙන බවත් වෙඩි තැබීමේ සම්මේලනය වැඩිදුරටත් කියා සිටියි.

තවද වෙඩි තැබීමේ සම්මේලනයට අයත් පොයින්ට් 22 වර්ගයේ රයිෆල සහ පිස්තෝල හොඳින් පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, ඒ සඳහා වාර්ෂිකව බලපත්‍ර ලබාගත යුතු බවත් සම්මේලනයේ නිවේදනයේ ඇතුළත් වේ.

එබැවින් පොයින්ට් 22 වර්ගයේ ගිනිඅවි සඳහා බලපත්‍ර  ලබාගැනීමට අවශ්‍ය නොවන බවට මාධ්‍යය හරහා පළ වූ පුවතද සාවද්‍ය බව සම්මේලනය සඳහන් කරයි.

වෙඩි තැබීමේ සම්මේලනය භාවිතා කරනු ලබන ගිනි අවි වර්ග පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා නුදුරු අනාගතයේදී දිනක වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද සම්මේලනයේ තාක්ෂණික කමිටුව මේ දිනවල කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා සම්මේනයේ ලියාපදිංචි සෑම බලපත්‍රලාභී ගිනි අවි හිමියෙකුගේද සහභාගීත්වය, සමීපව අධීක්ෂණය කරනු ලබන අතර ඔවුන්ගේ ගිනි අවි බලපත්‍ර අලූත් කිරීමේදීද සියලූම අංශ සැලකිල්ලට ගන්නා බවද සම්මේලනය පවසයි.

දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad