පොල් 100යි,සීනි 150යි බඩු මිල අඩු කරන්න ප‍්‍රාතිහාර්යකින් බෑ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 18, 2020

පොල් 100යි,සීනි 150යි බඩු මිල අඩු කරන්න ප‍්‍රාතිහාර්යකින් බෑ.


අද ජනතාවට ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ජනතාවට එදා වේල කෑමට ලොකු අපහසු තාවයක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

අද වන විට හාල් කිලෝව රුපියල් 130ක් පොල් ගෙඩිය රුපියල් 100ක් සීනි කිලෝව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

ආණ්ඩුව බලයට ඒමට පෙර පොරොන්දු වූ සහන මල්ල දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

සමගි ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර්ය විසඳුම් නැති බවයි.

රට තුල නිෂ්පාදනය කරගත හැකි සියලු දේ වැඩියෙන් නිෂ්පාදනය කළහොත් පමණක් භාණ්ඩ මිල වැඩිවීමේ ගැටලූවට විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad