'20ට කිසිසේත්ම එකග නෑ,ආණ්ඩුව ගැන මං හොදටම කලකිරිලා.'- ඇල්ලේ ගුණවංශ හිමි.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 18, 2020

'20ට කිසිසේත්ම එකග නෑ,ආණ්ඩුව ගැන මං හොදටම කලකිරිලා.'- ඇල්ලේ ගුණවංශ හිමි.[Video]


වත්මන් නායකත්ව මත විශ්වාසය තබා නව ව්‍යවස්තා සංශෝධන ගෙන ඒම සුදුසු නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.

අනාගත නායකයා කවුරුන් වේ දැයි නොදැන අද සිටින නායකයාට ගැලපෙන ලෙස විවස්තා සංශෝධන ගෙන එ්ම සුදුසු නොවන බවයි.

සිදුවිය යුතුව ඇත්තේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවද උන්වහන්සේ සඳහන් කළහ.

විසිවන ව්‍යවස්ථා සංස්කෘතියට එකඟ වීමට නොහැකි බවත් මෙවන් පැලැස්තර විසඳුම් නොව අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් යයිද උන්වහන්සේ පැවසූහ.

අද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන තමන් වහන්සේ බෙහෙවින්ම කණගාටුවන බවද උන්වහන්සේ කියා සිටියහ.

හිරු රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad