මීලග ජනාධිපති අපේක්‍ෂකත්වයට ජනාධිපතිගේ පුත‍්‍රයා..? 20 ගේන්නේ ඒ වෙනුවෙන්..? – නලින් බණ්ඩාර හෙලිදරවුවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

මීලග ජනාධිපති අපේක්‍ෂකත්වයට ජනාධිපතිගේ පුත‍්‍රයා..? 20 ගේන්නේ ඒ වෙනුවෙන්..? – නලින් බණ්ඩාර හෙලිදරවුවක

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රාජපක්ෂ පවුලට නොව ගෝඨාභය රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ගෙන ආ එකක් දැයි සැක හිතන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. ද්විත්ව පුරවැසිභාවයට තිබූ බාධා අහෝසි කරමින් ජනාධිපතිගේ වයස් සීමාව 30 දක්වා අඩු කරන්නේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

බොහෝ විට ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා ඉලක්ක කරගෙන විය හැති බවත් ඇතැම් විට ඊළඟ ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා ඉදිරිපත් කරන්නේ දැයි සැක සහිත බව ද ඔහු කියා සිටියේය.

සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

20 සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ වාර්තාව කුණු කූඩයට විසි කර ඇති බවත් පැවසූ ඔහු මෙම සංශෝධනය ගැන ජනාධිපති සහ අගමැතිට එකගතාවයකට ඒමට නොහැකිනම් එය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇතැයිද කියා සිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad