පොහොට්ටුව මේ යන්නේ ඒකාධිපතියෙක් බිහි කරන්නයි කියලා මම මුලදිම කිව්වා - වෙල්ගම - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

පොහොට්ටුව මේ යන්නේ ඒකාධිපතියෙක් බිහි කරන්නයි කියලා මම මුලදිම කිව්වා - වෙල්ගම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වන්නේ ඒකාධිපති ජනාධිපතිවරයකු බිහිකිරීමට බව තමන් මුලදීම පෙන්වා දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

"දැන් විස්ස මොකටද 19ට අත ඉස්සුවෙ අපි ඔක්කොම නෙ ? නමුත් දැන් කරන්න හදන්නෙ පාර්ලිමේන්තුවෙ තියෙන බලතල ඔක්කොම ජනාධිපතිතුමාගෙ යටතට ගන්න එක. 

මේක හදපු ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගෙ ව්‍යවස්ථාවවත් මෙහෙම නෑ. ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගෙ ව්‍යවස්ථාවත් මීට වැඩිය හුඟක් බලය අඩුයි. 

මේ දැන් කරන්න හදන්නෙ ජනාධිපතිතුමාට සම්පූර්ණ ඒකාධිපති බලය දෙනවා. තව අවුරුදු කීපයක් යනකොට මේකෙ පිටරට උන් ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුළෙ ඉඳියි. ලංකාවෙ මිනිහෙකුට පාර්ලිමේන්තු යන්න හම්බෙන්නෙ නෑ. 

මං එදා කෑගහලා කිව්වා මේ ඒකාධිපති ආණ්ඩුවක් බිහිවෙන්නේ, නැත්නම් ජනාධිපතිවරයෙක් බිහිවෙන්නේ කියලා. මං අද කියන්නෙත් එදා කියපු දේම තමයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති සමගි ජන බලවේගයේ පාක්ෂික හමුවක් අමතමිනි.  


No comments:

Post a Comment

Post Bottom Ad