ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු වාසුලා විමල්ලා ගැන ජනතාව බලාගෙන ඉන්නේ – රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු වාසුලා විමල්ලා ගැන ජනතාව බලාගෙන ඉන්නේ – රාජිත

ණ්ඩුවට එකසිය පනහක බලයක් නොමැති බවත් පැහැදිලිවම අපි විසි වැනි සංශෝධනය පරාජය කරන්න ඒකරාශි වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

විසි වැනි සංශෝධනයට එරෙහිව සීනිගම දේවාලයේ පොල් ගැසීමේ අවස්ථාවට ඊයේ (20 ) පස්වරුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවසූ බව ‘අද’ පුවත්පත වාර්තා කරනවා.

“විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතාම කුරිරු සංශෝධනයක්. දහනම වැනි ව්‍යවස්ථාවෙන් ජනතාවට පූජා කරපු බලය ජනාධිපතිවරයාට නැවත පවරා ගන්නයි මේ සංශෝධනය ගෙන එන්නේ. විසි වැනි සංශෝධනය පිළිබඳව අපිට වඩා හිතන්න ඕන ජනතාව. එදා දහනව වැනි සංශෝධනයෙන් ජනතාවට පූජා කළ බලතල නැවතත් ජනාධිපතිවරයා පවරා ගන්න හදනවා. මේ ව්‍යවස්තාව සම්මත වුණොත් එදාට අපිට වඩා තේරෙන්නේ ජනතාවට. විසි වැනි සංශෝධනය ඉතාම කුරිරු සංශෝධනයක්. ඒක ඒකාධිපති සංශෝධනයක්. ජනතාවට පවරපු බලතල රජයට,දේශපාලනඥයෙකුට පවරන්න තමයි මේ සංශෝධනය ගෙන එන්නේ.

ආණ්ඩුව කිව්වට ඒ අයට එකසිය පනහක බලයක් නෑ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු දෙකට කැඩිලා. ආණ්ඩුවේ බොහෝමයක් විසි වැනි සංශෝධනයට එරෙහිව අපිත් එක්ක හිට ගන්නවා. අපිට බලා ගන්න පුලුවන් කවුද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න එන්නේ කියලා. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ඉහළින් කතා කරන විමල් වීරවංශලා වාසුදේව නානායක්කාරලා විසි වැනිසංශෝධනයට පක්ෂව අත උසාවිද කියලයි ජනතාව බලාගෙන ඉන්නේ. අපිත් බලාගෙන ඉන්නවා.” යැයි මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පැවසීය. 


No comments:

Post a Comment

Post Bottom Ad