බතික් ආනයනයට පැනවූ තහනම කවුරුන් හෝ හොර රහසේම ඉවත් කරලා – දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

බතික් ආනයනයට පැනවූ තහනම කවුරුන් හෝ හොර රහසේම ඉවත් කරලා – දයාසිරි

තික් රෙදිපිලි සහ නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම පිළිබඳව පනවා තිබුණු තහනම කවුරුන් හෝ බලධාරීන් පිරිසක් විසින් හොර රහසේම ඉවත් කර ඇති බව බතික් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනාවරණය කරයි. 

"එක එක්කෙනාගෙ තියෙන බලපෑම් මත නැවත බතික් ආනයනයට අවශ්‍ය කරන වටපිටාව සකස් වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමා එක්කත් මුදල් ඇමතිවරයා විදියට ගරු අග්‍රාමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කරලා මේකට ස්ථාවර තහනමක් පනවන්න. 

දැනට තහනම පනවලා තිබුණෙ ජනාධිපතිතුමා, හැබැයි කවුරුහරි බලවතුන් එකතුවෙලා ඒක නැවැත්තුවා. ඒක දැන් ආපහු අහෝසි කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි වැඩක්. මොකද මගෙන්වත් අහන්නෙ නැතුව, මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ඇමතිවරයාගෙන්වත් අහන්නෙ නැතුව එහෙම කරපු එක ගැන මම කණගාටුවෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) මාරවිල බතික් නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  


No comments:

Post a Comment

Post Bottom Ad