අල්ලස් ගත් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ නිලධාරියා රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 18, 2020

අල්ලස් ගත් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ නිලධාරියා රිමාන්ඩ්






රුපියල් 60,000 ක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට  ගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ භාරගැනීමේ නිලධාරියෙකු තව දුරටත් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ ‍ අතිරේක මහේස්ත්රාත් එච්.අයි.කේ.කාහිංගල මහත්මිය නියෝග නියෝග කළා.


අල්ලස් කොමිසම මගින්  කඩුවෙල  ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.


අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම්කරුවෙකු  විසින් සපයනු ලබන  පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30000/- ක් බැගින් මුදල් ඉල්ලා ඇති බවයි.


ඒ අනුව ඊට අදාලව අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක මුදලක් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු ඉකුත්දා අත්අඩංගුවට තිබුණි.


විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් සිදුකළ දැනුම්දීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.


එදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා

No comments:

Post a Comment

Post Bottom Ad