'මේක ගෝලීය වසංගතයක්,අකමැති වුණත් කොරෝනා එක්ක ජීවත් වෙන්න වෙනවා.'- රාජ්‍ය ඇමැති ඞී.වී. චානක. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 6, 2020

'මේක ගෝලීය වසංගතයක්,අකමැති වුණත් කොරෝනා එක්ක ජීවත් වෙන්න වෙනවා.'- රාජ්‍ය ඇමැති ඞී.වී. චානක.

කොරෝනා මර්දනය සඳහා රජය ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ පදනම් විරහිතව විවේචනය කරනවා විනා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ‘අබමල් රේණුවක’ හෝ සහායක් විපක්‍ෂයෙන් නොලැබෙන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන ඇමැති ඞී.වී. චානක මහතා ‘දිවයින’ට ඊයේ (6 වැනිදා* පැවසීය.

 නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් පන්දහසක් වටිනා භාණ්ඩ පාර්සලය බැගින් වාර දෙකක් ම ලබා දෙන බව ද කී චානක මහතා ඇඳිරිනීතිය ඇති ප‍්‍රදේශවල ජීවනෝපාය අහිමි වූ ජනතාවට ද රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට කටයුතු කරන බව ද කීවේය.

 ඞී.වී. චානක මහතා මෙසේ ද කීවේය.

 මේක ගෝලීය වසංගතයක්. අපි කැමති වුණත් අකමැති වුණත් කොරෝනා එක්ක ජීවත් වෙන්න අපට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අලූත් ක‍්‍රමයකට හැඩගැහෙන්න වෙනවා. හැමදාම රට වහලා බෑ. රට දුවන්න ඕනේ. ඒ වෙනුවෙන් රජය පැත්තෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා. සෞඛ්‍ය අංශ දෙන නිර්ණායක හරියට පිළිපැද කොරෝනා මර්දනයට සහාය වීම ජනතාවගේ වගකීමක්.

 යහපාලන ආණ්ඩුව අපට භාර දුන්නේ දකුණු ආසියාවේ දුර්වලම ආර්ථිකය තියෙන රටක්. ඒ කඩා වැටුණු රට අපි දියුණු කළ යුතුයි. ලබන වසරේදී සියයට හතර දක්වා ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමේ ඉලක්කයක් අපට තියනවා. කොරෝනා හමුවේ මේ අභියෝගත් ජය ගත යුතුයි. අපේ රජය මේ සෑම දේම කරන්නේ සෞඛ්‍ය අංශවලින් දෙන උපදෙස්වලට මූලිකත්වය දීලයි.

 -දිවයින පුවත්පත.

No comments:

Post a Comment

Post Bottom Ad