ජනාධිපති කොමිසමට එරෙහිව අල්ලස් කොමිසමට ගිය හරින්, නලින්, අලවතුවලට සහ මයන්තට නීතිමය කි‍්‍රයාමාර්ග - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 6, 2020

ජනාධිපති කොමිසමට එරෙහිව අල්ලස් කොමිසමට ගිය හරින්, නලින්, අලවතුවලට සහ මයන්තට නීතිමය කි‍්‍රයාමාර්ග

මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හරින් ප‍්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ. සී. අලවතුවල සහ මයන්ත දිසානායක යන අයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ (06 දා) තීරණය කර තිබේ.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හරින් ප‍්‍රනාන්දු, ජේ. සී. අලවතුවල, මයන්ත දිසානායක මෙන්ම නලින් බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව කොමිෂන් සභා පනතේ 10 වන වගන්තිය සහ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ කොමිසමට අපහාස කිරීමේ සහ එහි ආධිපත්‍යයට බලපෑම් කිරීමේ චෝදනා යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.

එසේම මේ හතර දෙනාට ජනාධිපති කොමිසමට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීම සදහා කොමිසමේ රහස් පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (07 දා)  දිනයේ කොමිසම විසින් නොතීසි නිකුත් කරන බව කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම කොමිසමේ උසස් නිලධාරියකු සඳහන් කළේ අදාළ මන්ත‍්‍රීවරුන් ජනාධිපති කොමිසමට අපහාස වන ආකාරයට මාධ්‍යට ප‍්‍රකාශ නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad