දෛනික කොරෝනා මරණ වාර්තා බොරු.. සැබෑ මරණ දෙතුන් ගුණයකින් වැඩියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 4, 2021

දෛනික කොරෝනා මරණ වාර්තා බොරු.. සැබෑ මරණ දෙතුන් ගුණයකින් වැඩියි

අද වන විට දෛනික වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව නිවැරදි සංඛ්‍යාව නොවන බවත් රෝහල්වල නිසි ප්‍රතිකාර නැතිව මියයන සංඛ්‍යාව ද ඇතුළත්ව ගණනය කළහොත් මෙම සංඛ්‍යාව දෙගුණ තෙගුණ වනු ඇති බවත් පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ මෙම දෛනික මරණවල වලක්වා ගත හැකි මරණ විශාල ප්‍රමාණයක් දක්වා වැඩිවී ඇති බවයි.

අද ආසාදිතයන් ලෙස හමු වන්නේ තමන් විසින්ම ලෙඩේ හඳුනාගෙන රෝහල සොයාගෙන එන සංඛ්‍යාව මිස හඹා ගෙන ගොස් හඳුනාගන්නා ආසාදිතයන් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

එනිසා දැනට රජය විසින් වාර්තා කරන ආසාදිතයන් මෙන් හතර පස් ගුණයක් ආසාදිතයන් සමාජය තුළ සිටිය හැකි බව ද ඔහු පැවසීය.

වසංගතය පාලනය කළ බව පෙන්වීම සඳහා රජයේ ඇතැම් පාර්ශවවල අවිද්‍යාත්මක හැසිරීම වසංගතයේ වැඩිවීමට හේතු වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad