මේ වනවිට වතිකානුව බලා පිටත්ව ගොස් සිටින අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඉන් අනතුරුව නෙදර්ලන්තයේ හේග් නුවර බලා පිටත්ව යාමට නියමිතව සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය (International Court of Justice) හමුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම මෙම ගමනේ අරමුණ බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන් අනතුරුව කාදිනල් හිමිපාණන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා ස්විට්සර්ලන්තයටත්, පසුව ජර්මනිය බලාත් පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

No comments:
Post a Comment