තම පුතාගේ 19 හැවිරිදි පෙම්වතිය පුතාව හැරගිය පසු ඇය සමග චාටු කථාබස්වල යෙදී ඇය රවටා පෙම් සුව විඳීමට ගිය 42 හැවිරිදි තිදරු පියෙකු පිළිබඳ පුවතක් පල්ලේබැද්ද ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
පල්ලේබැද්ද සුදුගල ප්‍රදේශයේ රක්වාන ගඟ රක්‍ෂිතයේ පෙම්වතුන් සැරිසරන ස්ථානයක
මැදි වයසේ පුද්ගලයකු සමඟ පාසල් වයසේ දැරියක් පෙම්වතුන් ලෙස හැසිරෙමින් සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඒ අමුතු සම්බන්ධය ගැන සැකයක් ඇතිවී විපරම් කිරීමේදී මෙම කාරණාව හෙළිව ඇත. පාසල් වයසේ දැරියක කිසියම් අයෙකු අපයෝජනය කිරීමට සූදානමක් ඇති බවට හඳුනාගෙන ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංශයට ප්‍රදේශවාසීන් දන්වා සිටීමේදී ගොඩකවෙල පොලිසිය පැමිණ මේ ගැන විමර්ශනයක් සිදු කර ඇත.
දැරිය පවසා ඇත්තේ මැදි වියේ පුද්ගලයා තමාගේ පියා බවය. එම පුද්ගලයා පවසා ඇත්තේ දැරිය තමන්ගේ දියණිය බවය. පසුව පරස්පර පිළිතුරු ලබාදීම ගැන සැක මතුවී වැඩිදුර විමර්ශන කිරීමේදී
මේ දෙදෙනාගේ සැබෑ තතු හෙළිව තිබේ. හ නව හැවිරිදි දැරිය සැකකරුගේ වැඩිමහල් පුත්‍රයා සමඟ පෙමින් වෙළී සිටි බවත් ඔහු තමාට අඹුසැමියන් ලෙස හැසිරීමට පෙළඹවීම් සිදු කළ බවත් ඒවාට තමා අකමැතිවූ බවත් දැරිය පොලිසියට පවසා ඇත. පසුව එම තරුණයා විසින් තරුණිය මඟහැර ගොස් ඇත.
අනතුරුව පෙම්වතා හැරයාමෙන් කළකිරීමට පත් තරුණිය ඔහුගේපියා හමුවූ අවස්ථාවක තම දුක කියා ඇත. තම පුතා කළේ වැරැද්දක් බවත් ඔබ වැනි සියුමැලි තරුණියකට ආදරය කරන්නට ඔහු නොදන්නා බවත් පවසමින් තරුණියගේ සිත් වසඟ කරන ආකාරයට කථාබහේ යෙදෙන්නට පෙම්වතාගේ පියා අනතුරුව කටයුතුකර තිබේ. තමා තිදරු පියකු වුවත් කොල්ලා වගේ ජීවිතයක් ගත කරන අයෙකු බවත් ඔහු පවසා ඇත. පල්ලේබැද්ද ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයක වාහන සේදීමේ සුළු රැකියාවක් කරන ඔහු දිනෙන් දින මෙම තරුණියගේ සිත සනසමින් දුර ඇමතුම් ලබාදී තිබෙන අතර ඇයද තම සිත සනසන පුද්ගලයා කෙරෙහි ආසක්ත වී තිබේ.
උඩවලව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා නිවසේ අය සිටියදීම දැරිය සනසන දුරඇමතුම් ලබාදී ඇත්තේ පුතාගෙන් තරුණියට වූ අසාධාරණය නිරාකරණය කරන බව බිරියට හඟවමිනි. මෙම සිද්ධිය පිළිබඳව සැකකරුගේ බිරිය පවසා ඇත්තේ මෑතක සිට තම සැමියා මෙම දැරිය සමඟ ජංගම දුරකතනය ඔස්සේ නිතර කතාබස් කරන බව තමා දැන සිටි බවයි. සැමියාට කෝල් දෙනව වැඩී කියා අවවාද කළ නමුත් එදින සේවයට යන බව පවසා දැරිය සමඟ එම ස්ථානයට ගිය බව දැන නොසිටි බවයි.
දැරිය පිළිබඳ ව්‍යාජ ලෙස කරුණාව දක්වා දැරිය උපකාරක පන්තියකට යන අවස්ථාවේ රවටාගෙන මෙම ස්ථානයට ඔහු රැගෙන විත් තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සෙවණගල ප්‍රදේශයේ පාසලක අ.පො.ස. උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන දැරියගේ දෙමාපියන් මේ සිදුවීම ගැන කිසිවක් දැන සිට නැත.
Monday, September 4, 2017
පුතාගේ 19 හැවිරිදි පෙම්වතිය සමඟ 42 පියා පෙම් සුව විඳලා
Tags
# ඕපදූප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපදූප
Labels:
ඕපදූප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment