වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරු නන්දිමාල්ගේ මොරටුව නිවසට වෙඩි ප්‍ර‍හාරයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 5, 2017

වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරු නන්දිමාල්ගේ මොරටුව නිවසට වෙඩි ප්‍ර‍හාරයක්


2012 රාජපක්ෂ පාලන සමයේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11 ට පමණ වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වී ඇත. ඔහු ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන රහස් පොලිස් පරීක්ෂණයකට දවල් කාලයේ සහභාගීවී රාත්‍රී මෙම සිදුවීම සිදුව ඇත.

නිවසේ ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි බවත්, සිද්ධිය වන විට නන්දිමාල් මහතා නිවසේ නිදා සිට ඇති බවත් වාර්තා විය. වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂකරුට ජීවිත ආරක්ෂාව සලසන ලෙසත්,  දැනට සේවයේ නිරත සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යෙ ඉල්ලා තිබී ඇත.

ඔහු ඝාතනය කිරීමේ උත්සාහයක් මින් ඉහත පැවති අතර ඒ පිළිබද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ යොමු කර තිබූ පැමිණිල්ල සැප්. 5 (ඊයේ) පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ඒකකයේ දී පැවැත්වා එයට සාක්ෂි දී පැමිණි නන්දලාල් නිවසේ නිදා ගෙන සිටිය දී රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇත. 2012 නොවැම්බර් මස 11 දින වැලිකඩ බන්ධනාගාරයේ දී, නම් ලැයිස්තුවක් රැගෙන ආ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඉහළ නිලධාරියෙකුගේ නියෝග මත තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

මෙම සිද්ධිය ඇසින් දුටු පිරිස් ඒ බව සිය නීතිඥයින්ට හා ඥාතීන්ට දැනුම් දී ඇත.  නන්දිමාල් මහතා එම සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු වේ. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය මේ පිළිබද තොරුතුරු දිගින් දිගටම අනාවරණය කරනු ලැබීය. නන්දිමාල් මහතා පුවත්පත් සාකච්ඡා, උද්ඝෝෂණ සංවිධානය කරමින් ද, ආරක්ෂක අංශ වෙත සාක්ෂි දෙමින් ද, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නම් ගම් සහිතව හෙළිදරව්වක් සිදු කර ඇත.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැඩ තහනමට ලක්වී සිටි නන්දිමාල් ට පසුගිය දා සේවයේ පිහිටවනු ලැබීය.  දුම්රිය ප්‍ර‍ධාන ඉංජිනේරු  නිලන්ත ප්‍ර‍නාන්දු විසින් ඔහු පළමුව මහනුවර මාරු කරුනු ලැබීය.  මහනුවර දී ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට සැක මතුව තිබු බැවින් නන්දිමාල් මහනුවර සේවයට වාර්තා කළේ නැත.   දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ‘අපේ ආරක්ෂක ලේකම් (ගෝඨාභය රාජපක්ෂ) හිරේ යවන්න හදනවා‘  තමුසෙට හිරකරුවන් මැරුණාට මොකද? යැයි තමාට තර්ජනය කළ බව නන්දිමාල් විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ පැමිණිලි කොට තිබුණි.

 මෙම පැමිණිල්ලෙන් පසුව නන්දිමාල් කොළඹ දුම්රිය අංගනයක සේවයට යෙදවූ අතර ඔහුට එහි ද ආරක්ෂාවක් නොමැති බව පවසමින් අභියාචනයක් ඉදිරිපත් කොට තිබුණි. මේ පිළිබද විමර්ශනයකින් පසුව,  පසුගිය සතියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නන්දිමාල් ඔහුගේ පැරණි සේවා ස්ථානය වන ‘මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ‘ සේවයේ යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.  

වසර 5 කට ආසන්න කාලයක් රජය වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැත.  නන්දිමාල් මහතා විසින් අභියාචනාධිකරණයට වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘රිට් පෙත්සම‘ සැප්. 12 දින විභාගය ගැනීමට නියමිතය.



No comments:

Post a Comment

Post Bottom Ad