ෆයිසර් මුස්තාෆාගේ උපදේශිකාවගේ සැමියා මැර ප්‍රහාරයකින් මරුට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 5, 2017

ෆයිසර් මුස්තාෆාගේ උපදේශිකාවගේ සැමියා මැර ප්‍රහාරයකින් මරුට

ඇමති ෆයිසර් මුස්තාෆාගේ උපදේශිකාවක් ලෙස සේවය කරන, ප්‍රභල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිනී ඉරාකි ලාංකිකා කොඩිතුවක්කු මහත්මියගේ ස්වාමි පුරුෂයා වන මොහාන් විජේතිලක මහතා මැර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 31 වනදා, මැර ප්‍රහාරයකට ලක්ව සිටි ඒ මහතා, කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. 

මිය යන විට ඒ මහතා හතලිස් දෙවෙනි වියේ පසු වූ බව සඳහන්‍ වේ. කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ ඒ මහතා සහ ඉරාකි මහත්මිය විවාහ වී මසකටත් අඩු කාලයක් තුල ඔවුන් මුහුණ පෑ ඛේදනීය ඉරණමට අපගේ සාතිශය සංවේගය පළ කරන්නෙමු.

No comments:

Post a Comment

Post Bottom Ad