ලලිත් වීරතුංගලා මහින්ද පරාජය කළ හැටි..! ලලිත් උඹලට ඔහොම වෙලා මදි..!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

ලලිත් වීරතුංගලා මහින්ද පරාජය කළ හැටි..! ලලිත් උඹලට ඔහොම වෙලා මදි..!!

සිල් රෙදි බෙදීමේ වරදට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට වසර 3ක් සිරගෙට නියම වීම තුළ ලංකා පුරවැසි දේශපාලනයේ ඉතා අවාසනාවන්ත පැතිකඩක් ඉස්මතු වීම වළකනු බැහැ. 

මහින්ද රාජපක්‍ෂ නම් වූ මෑත ලංකා ඉතිහාස බිහි කළ විශිෂ්ඨතම නායකයා පරාජය වන්නේ සංවර්ධනය පෙරට දමා දේශපාලනය පිටුපසට කිරීම නිසා බව මහින්දගේ සමස්ත පරාසය දෙස ඉතා විමසිලිමත් ඇසක් යොමු කරන ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට හැකි වේවි. වත්මන් ආණ්ඩුව දේශපාලනය පමණක් පෙරට ගෙන අන් සියල්ල පසෙක තැබීම පිළිබඳ නිදසුන හරහා ඉහත කාරණය වඩාත් හොඳින් තේරුම් ගැනීමට හැක. මහින්ද රාජපක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය කඩිනමින් අවසන් කිරීම ඔහුගේ පරාජයේ පළමු පියවර තැබුවා. 

මහින්ද මෙහි දී දේශපාලනි ව හිතුවේ නම් ඔහුට යුද්ධය තව කල් ඇදගෙන යා යුතු ව තිබුණා. එසේ වූවේ නම් ජනතාව ඔහු ව පරාජය නොකරනු ඇති. ඒ මන්ද යත් යුද්ධයේ ඉතිරි කොටස ද ඔහු හරහා කරවා ගැනීමට. අනිත් අතින් සංවර්ධනය මෙතරම් කඩිනමින් කිරීම මහින්දගේ පරාජයේ අනිත් පියවර සලකුණ කළා. ඉස්මුරුත්තාවට එන ලෙස සිදු වූ සංවර්ධන ව්‍යාපෘථි ජනතාව අතර සාමාන්‍ය දෙයක් බවට පත් වුණා.

අනපේක්‍ෂිත ව උදා වූ සාමයේ හා සාපේක්‍ෂ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ සතර දිගින් නව සමාජ පන්තියක් බිහිවනු දක්නට ලැබුණා. මෙම සමාජ පන්තියේ ස්වභාවය උපමා කළ හැක්කේ දකුණු ආසියාව නූතනවත්ය වැළඳගත් පැරෂුට් ක්‍රමයටයි. අපේ නූතන ව්‍යාපෘථිය බිමින් පැළ වූ එකක් නොව, අපි උඩින් ගත් එකක්. ලංකාවේ නගර නිර්මාණයේ තිබෙන අපිළිවෙල තුළ මෙය බෙහෙවින් සනිදර්ශිතයි. අර ඉහත කී සමාජ පන්තියත් මහින්දගේ සාමය හා සංවර්ධනය ගත්තේ උඩින්. පැරෂුට් ක්‍රමයට. 


එහි ප්‍රතිඵලය වුනේ, ඔවුන්ට එය දිරවා ගැනීමට තරම් මානසික සංවර්ධනයක් වෙලා තිබුණේ නැහැ. මෙන්න මේ ඉහත පිරිස නිර්මාණය වෙන පරිසරය සැකසීමට ලලිත් වීරතුංග තම ජීවිතය ම කැප කළ විශිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්. ඒ තව බොහෝ දේ අතර, කැපී පෙනෙන භූමිකා දෙකකට පණ පොවමින්. ඒ එකක් තමා යුද්ධයේ අන්තර්ජාතික භූමිකාව. විශේෂයෙන් ම ඉන්දියාව කළමනාකරනය කිරීම. ලංකාව හා ඉන්දියාව එක් ව දෙරටින් ඉහළ ම පෙළේ ට්‍රොයිකා යාන්ත්‍රණයක් හදාගෙන තිබුණා. 

ඒ එජාපයේ මුග්ධ ප්‍රතිපත්ති නිසා සිදු වූ තරමේ පරිප්පු ආක්‍රමණයක් යළි නොවීමට. ලංකා පාර්ශවයෙන් ‍මීට අයත් වුනේ බැසිල් රාජපක්‍ෂ (සභාපති), ගෝඨාභය රාජපක්‍ෂ හා ලලිත් වීරතුංග. ඇමරිකාව යුද්ධයේ අවසානය වෙනස් ලෙසකින් අවසන් කිරීමට ලංකාව මත විසල් බලපෑමක් කරන විට, එය ලංකාවට අවශ්‍ය ලෙස සිදු වූවේ ඉහත ට්‍රොයිකාව ඉන්දියාව සමග පැවැත් වූ සමීප අවබෝධය නිසා. නැතිනම් අදත් ප්‍රභාකරන් ජීවතුන් අතර. ඇමරිකානු බලපෑමේ දී ඉන්දියාව හිටියේ ලංකාවත් එක්ක. ජනපති ලේකම් ලෙස ලලිත් මෙහි දී විශාල භුමිකාව ඉ‍ටු කළා.

ලලිත්ගේ බොහෝ දෙනා නොදත් අනෙත් භූමිකාව නම් ඔහුට හා මහින්දට සවයංඝාතක වුනා. ඒ අර අතරමැදි සමාජ පන්තියේ ම උපකුලකයක් බිහි වීම කඩිනම් වීම හරහා. 2005 අවසානයේ මහින්ද රාජපක්‍ෂ බලයට එන විට ලංකාවේ පරිඝනක සාක්‍ෂරතාව තිබුණේ සියයට 4යි. මහින්ද චින්තන දැක්මට පින්සිදු වන්නට මහින්ද යනවිට එය සියයට 39ට ඉහළ ගොස් තිබුණා. තරුණයින් අතර මෙම ප්‍රතිශතය මීට වඩා වැඩියි. මෙම ක්‍ෂණික වර්ධනයේ නියමුමය කාර්යභාරයක් කිරීමට ලලිත් වීරතුංග කටයුතු කළා. ඒ අනුව, පරිඝණකයෙන් හා ඊට සමානත්රව රටපුරා ඊ නැණසල හා තව බොහෝ ව්‍යාපෘථි හරහා ප්‍රචලිත වූ සමාජජාල හා ස්මාර්ට් පෝන් බහුලතාව නිසා විශාල තරුණ පරම්පරාවක් බිහිවුනා.


ඒ බිහි වූ පිරිසත් අද උඩ පිරිස වගේ ම පැරෂුට් ‍පිරිසක්. ඔවුන්ට ද තමා අත ඇති තොරතුරු දිරවා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහි එන සියළු තොරතුරු පිළිගත්තා. අදත් බොහෝ විට එය එසේ ඇති. “මහින්ද මොනව ද කළේ” වැනි ප්‍රශ්න අහන්නේ මෙවැනි පිරිස්. ඒ ප්‍රශ්නයට අපට උත්තර නැහැ. මොක ද ප්‍රශ්නය වැරදි නම් එවැනි ප්‍රශ්නවලට උත්තර තිබිය නොහැකියි.

විටෙක ලලිත්ලා අවසාන මොහොතේ සිල් රෙදි බෙදා හෝ මහින්ද රාජපක්‍ෂ ව ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළේ ඉහත පිරිස අතින් තමා ඔසවා තැබූ හා ඉදිරියට ද තව බොහෝ උඩට රට ඔසවා තැබීමට හැකියාව තිබූ ඒ පාලනය නිස්කාරණයේ පරාජය වනු ඇති බව දැනී ගියා නිසා වෙන්නට ඇති. විශාල යහපත් අරමුණක් වෙනුවෙන් කුඩා අයහපතක් සිදු කිරීම දාර්ශනික අර්ථයෙන් හරි හෝ වැරදි ලෙස නිශ්චිතව කිව නොහැකියි. ඒ කෙසේ වෙතත්, අවසානයේ ඉහත දෙපිරිස තමා ඉහළට ඔසවා තැබූ ඒ උස් ඉණිමගට පයින් ගැසුවා. ලලිත් උඹලට ඔහොම වෙලා මදි !

– මහින්ද පතිරණ FB

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad