අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතුපාලන අධීකාරිය විසින් සිදුකරන බලපෑමි වලට එරෙහිව වතුකමිකරුවන් උද්ඝෝෂණයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතුපාලන අධීකාරිය විසින් සිදුකරන බලපෑමි වලට එරෙහිව වතුකමිකරුවන් උද්ඝෝෂණයක

TEA_SYATE

වතුපාලන අධිකාරිය මගින් දිනක හත්සිය අනුවක වැටුපට අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතු පාලන අධිකාරිය මගින් කළ නියෝගයකට එරෙහිව හැටන් ස්ටැඩන් වතුයායේ වතුකමිකරුවන් වැඩ කරන අතරතුර හැටන් කොළඹ ප‍්‍රධන මාර්ගයේ ස්ටැඩන් ප‍්‍රදේශයේ අද (07.09) උද්ඝෝෂණයක නියලුණා.

උද්ඝෝෂණයේ නියලි සිටි වතුකමිකරුවන් පවසන්නේ මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින අයහපත් කාළගුණ තත්ත්වයත් සමගම තේ පලදාව අඩුවි තිබෙන අවස්ථාවක මුලු දවස පුරාම නෙලිය හැක්කේ උපරිම අයුරින් අමු තේ දලු කිලෝ දාහතරක් පහළොවක් අතර ප‍්‍රමාණයක් බවයි.

එම ප‍්‍රමාණය නෙලන නිසා තමන්ගේ දිනක දෛනික වැටුපට ලබා දෙන රැපියල් එකසිය හතලියක දිරි ගැන්විමෙ දිමනාව තමන්ට නොලෙබෙන බවයි. පැය අටක කාලයක් වැඩ කර මෙි අනුව වතුපාලන අධිකාරිය මගින් තමන්ට ගෙවනු ලබන්නේ රැපියල් හත්සිය අනුව වෙනුවට රැපියල් හයසිය පනහක මුදලක් බවයි. අද රටෙි පවතින ජිවන වියදම අනුව තමන්ට එම මුදල කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවයි උද්ඝෝෂණයේ නියලි වතුකමිකරුවන් පවසන්නේ. 

තේ පදලාව තිබෙන අවස්ථාවල තමන් වතුපාලන අධීකාරිය ඉල්ලන දලු ප‍්‍රමාණයට වඩා අමු තේ දලු ප‍්‍රමාණයක් නෙලා දෙන බවද ඔහුන් පවසනවා. මෙි සමිබන්ධයෙන් අප තේ වතු සමාගමක වතු අධිකාරිවරයෙකුගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා විශාල පිරිවැයක් දැරිමට සිදුවන නිසා වතුකමිකරුවෙකු ඔහුගේ දෛනික වැටුපට අමු තේ දලූ කිලෝ දහඅටක් විස්සත් අතර ප‍්‍රමාණයක් අනිවාර්්‍යයෙන්ම නෙලිය යුතු බවයි.

හැටන් රංජිත් රාජපක්ෂ 

TEA_S (1) TEA_S (3) TEA_S (4) TEA_S (7) TEA_S (8)

No comments:

Post a Comment

Post Bottom Ad