අරැන්දික ශ‍්‍රීලනිප මධ්‍යම කමිටුවේදී චන්ද්‍රිකාට බැණ වදී.. සුසිල් ආණ්ඩුවෙන් යන්න අවසර ඉල්ලයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

අරැන්දික ශ‍්‍රීලනිප මධ්‍යම කමිටුවේදී චන්ද්‍රිකාට බැණ වදී.. සුසිල් ආණ්ඩුවෙන් යන්න අවසර ඉල්ලයි..

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු විසින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට බැණ වැදී ඇති බව වාර්තා වෙයි.

දෙදෙනා අතර මෙම උණුසුම් වචව හුවමාරුව සිදුව ඇත්තේ තමන් ඇතුළු පිරිසකට ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඉඩ දෙන ලෙස කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙනි.එජාපය අතහැර දුෂිතයින් මිනීමරුවන් සමග ආණ්ඩු කිරීමට නොහැකි බවත් එජාපය සමග එක් වූ නිසා රටත් පක්‍ෂයත් මහින්ද රාජපක්ෂගෙන් බේරාගත් බවය.

මෙම ප‍්‍රකාශයට දැඩි විරෝධයක් අරුන්දික ප‍්‍රනාන්දු පල කිරීමත් සමග මෙම උණුසුම් තත්වය හටගෙන ඇත. මෙම අවස්ථාවට සහභාගි වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී පක්ෂය දිනවීමට අවශ්‍ය නම් බිම් මට්ටමේ සහාය ඇති ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ගමනක් යා යුතු බවයිග

මෙහිදී අදහස් පල කර ඇති ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් සදහන් කර ඇත්තේ මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට ඉහල ජනතා ප්‍රසාදයක් තිබෙන නිසා ඔවුන් අතහැර ගියහොත් ඉදිරි මැතිවරණ පරාජයට පත්වීමට ඉඩ ඇති බවයි. එජාපයේ සියලු වැරදිවලට තව දුරටත් කර ගැසීමට නොහැකි නිසා ස්වාධීන වීමට අවස්ථාව දෙන ලෙසද ඔහු ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad