“හිතන්න එපා මම දන්නේ නෑ කියලා , බෝල ෆ්‍රිඩ්ජ් එකේ දාන ඒවා , බෝල තම්බන ඒවා මම දන්නවා” මහේලගේ කතාවට පුහුණුකරුවන්ගේ ඇස් රතුවෙයි .! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

“හිතන්න එපා මම දන්නේ නෑ කියලා , බෝල ෆ්‍රිඩ්ජ් එකේ දාන ඒවා , බෝල තම්බන ඒවා මම දන්නවා” මහේලගේ කතාවට පුහුණුකරුවන්ගේ ඇස් රතුවෙයි .! (VIDEO)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය මගින් පාසල් පුහුණුකරුවන්ට සංවීධානය කළ වැඩමුලුවක් පසුගිය දින පැවැත්වුනා.එහිදි පාසල් පුහුණුකරුවන් ඇමතූ මහේල ජයවර්දන පුහුණුකරුවන් ඉදිරීයේම අපූරු කතාවක් සිදු කළා. එහිදි මහේල ජයවර්දන පෙන්වා දුන්නේ ජාතික කණ්ඩායම වැනි ඉහල තත්වය සෑදීමට පෙර පාසල් ක්‍රිකට් ගොඩ නැගිය යුතු බවයි.
“පෞද්ගලික පුහුණු පාසල් දාලා ඉන්න අය අවුරුදු දහයේ , දොළහේ ළමයා ඩ්‍රයිව් එකක් ගැහුවම කියනවා මෙයා සංගක්කාර වගේ , මෙයා සනත් වගේ , මෙයා අ‍රවින්ද වගෙයි කියලා. මෙයා ලොකු උනාම ගහනවා ජාතික කණ්ඩායමට කියලා. ඒ ඇයි ? ඒ ළම‍යාව ඒ පාසලේ තියා ගන්න , දෙමාපියන්ව රවට්ටනවා. ඊට පස්සේ ඒ ළමයා ඉස්කෝලේට ආවම ඉස්කෝලේ පුහුණුකරු හරියට බලලා ඒ ළමයට උචිත ස්ථානයක තමයි සෙල්ලන් කරන්නේ. සමහර විට සෙල්ලන් නොකර ඉන්න පුලුවන්. අන්න එතකොට එනවා පුහුණුකරුට පීඩනයක් දෙමාපි‍යන්ගෙන් හිතන්න එපා මන් දන්නේ නෑ කියලා , මන් දන්නවා ඒ අවස්තාවේ පුහුණුකරුවෝ ආදායම් ගැන හිතලා වැරදි තීරණයක් ගත්තොත් , ඔබලා අවංකව රටට සේවය කරන්නේ නැහැ, මන් දන්නවා බෝල ෆ්‍රිඩ්ජ් එකේ දාන ඒවා , බෝල තම්බන ඒවා තරග ජයග්‍රහනය කරන්න එහෙම නෙවෙයි අපි තරග ජයග්‍රහනය කරන්න ඕන , අපි තරග ජයග්‍රහනය කරන්න ඕන ඒ ළමයින්ගේ තියෙන දක්ෂතාවයෙන්”
මහේලගේ ප්‍රකාශයේ වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad