නව වසරේ ජනපති එක පිට රට සවාරි යයි - මාස 3කින් පාර්ලිමේන්තුවටත් පැමිණ නැහැ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 24, 2019

නව වසරේ ජනපති එක පිට රට සවාරි යයි - මාස 3කින් පාර්ලිමේන්තුවටත් පැමිණ නැහැ

නව වසරේ ජනපති එක පිට රට සවාරි යයි - මාස 3කින් පාර්ලිමේන්තුවටත් පැමිණ නැහැ

සිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව තායිලන්තයේ සංචාරයක ද නිරතවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

පරිසර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපති  සිරිසේන මහතා සිංගප්පුරුවේ පැවැත්වෙන ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට මේ දිනවල සහභාගී වි සිටියි.

 කලාපයේ විෂයභාර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි විය යුතුව තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනිදාට පසු පාර්ලිමේන්තුවට සහභාගි වී නැතැයි ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ අනුව මාස තුනකට වැඩි කාලයක් ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුවට සහභාගි නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇති බවට ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස තුනකට වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගි විය යුතුව තිබෙනවා. නමුත් එතුමා අවසන් වතාවට පාර්ලිමේන්තුවට සහභාගි වී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් 12 වැනිදා. මේ වනවිට මාස තුන ඉක්මවා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීම් ඉටු කිරීමට බැඳී සිටියත් ඒ වගකීම ඉටු කිරීම සඳහා ඔහු මාස 03කට වරක් සහභාගි විය යුතුව තිබුණත් ඔහු මාස තුන ඉක්මවා  ගොස් තිබියදීත් පාර්ලිමේන්තුවට සහභාගි වී නැති බව ඉතා හොඳින් පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීන්දුව කුමක්ද කියා මම දැනගන්න කැමතියි." යනුවෙන් කියා සිටියේය.

සබැඳි පුවත් : http://am.lk/local-news/item/41007-10

No comments:

Post a Comment

Post Bottom Ad