කිරලාගල ස්ථූපයට නැග ඡායරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 23, 2019

කිරලාගල ස්ථූපයට නැග ඡායරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට

කිරලාගල ස්ථූපයට නැග ඡායරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට

හොරොව්පොතාන, කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයේ  චෛත්‍ය මත සිට ඡායාරූප ගත් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ඔලුවිල්අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 08 දෙනෙකුය.

ඔවුහු කල්මුණේ, ගම්පොළ,කුලියාපිටිය, හොරොව්පොතාන, පුත්තලම, එරාවුර්, ඔට්ටමාවඩිව් යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම පිරිසඅග්නිදිග විශ්විද්‍යාලයේදී ඊයේ (23) සවස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පුරාවිද්‍යා පනත අනුව මෙම පිරිසක වැරැද්දක් කළ බවට හොරොව්පොතාන පොලීසියට සහ පොලිස් මූලස්ථානයට ලද පැමිණිලි අනුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

තමන් පසුගිය 05 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හොරොව්පොතාන ප්‍රදේශයේ සිටින යහළුවෙකුගේ නිවසට පැමිණ කිරලාගල පුරාවිද්‍යා භූමියේද සංචාරය කළ බවත්, එහිදී චෛත්‍යය මතට නැග ඡායාරූප ගත් බවත් සැකකරුවන් පොලීසියට පවසා තිබේ.

එම අවස්ථාවේදී එය එතරම් බැරෑරුම් කාර්යයක් බව නොතේරුණු බවත්, එසේ දැනුණේ නම්, මෙලෙස ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා නොහරින බවත් සැකකරුවන් වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙසේ පැවසිය.

"පුරාවිද්‍යා පනත අනුව මෙය වරදක්. ඒ අනුව හොරව්පොතාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භකළා. ඒඅනුව ඊයේ (23) සවස මෙම සැකකරුවන් 07 දෙනා අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරීන්කණ්ඩායම ක්‍රියාකළා. මෙම සැකකරුවන් 07 දෙනා ඔලුවිල් අක්කරපත්තු අග්නිදිග විශ්වවිද්‍යාලයේදී මෙලෙස අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළා. මොවුන් 07 දෙනා එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර අධ්‍යාපනය හදාරන පිරිසක්.මෙම පිරිස අද (24) කැබිතිගොල්ලැබ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි."

සබැඳි පුවත් : http://am.lk/local-news/item/41005-2019-01-23-04-50-06

                 http://am.lk/2014-05-29-09-30-04/item/40987-photos

No comments:

Post a Comment

Post Bottom Ad