'නිදහස’ හැළුණු ජාතික දින උළෙල ගාලූ මුවදොරදී. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 23, 2019

'නිදහස’ හැළුණු ජාතික දින උළෙල ගාලූ මුවදොරදී.

Loading...

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ‘‘ 71 වන ජාතික දින උළෙල’’ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 04 වැනිදා පෙරවරු 8.00 ට අභිමානවත් ලෙස ගාලූ මුවදොර පිටියේදී පැවැත්වෙයි.
මෙතෙක් කල් පෙබරවාරි 04 වැනිදාට යෙදුණු ‘‘ජාතික නිදහස් දිනය’’ වෙනුවට මෙවර ‘‘නිදහස්’’ යන වචනය නොමැතිව ‘ජාතික දින උළෙල’’ලෙස පැවැත්වේ.
71 වන ජාතික දින උළෙල සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඊයේ (23දා* ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතාගෙන් මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේත් ඊට පෙර පැවැති ව්‍යවස්ථාවලත් ‘‘ජාතික නිදහස් දිනය’’ නොව ‘‘ ජාතික දින උළෙල’’ ලෙස සඳහන් කර තිබෙන බවය. දින 52 ක පමණ කාලයක් රටේ පැවැති අර්බුදය හමුවේ මෙවර ජාතික දින උත්සවයට තේමාවක් පවා සකස් කර ගැනීමට නොහැකි වූ බවද ඇමැතිවරයා කීය.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික දින උළෙල සඳහා විශේෂ ආරාධිතයා ලෙස මාලදිවයිනේ ජනාධිපතිවරයා සහභාගී වන බවද ඇමැතිවරයා කීය.
71 වන ජාතික දින උළෙල සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මියගේ සම්ප‍්‍රාප්තිය පෙරවරු 8.45 ට සිදුවීමට නියමිතය. ජනාධිපතිවරයා ජාතිය ඇමැතීම පෙරවරු 9.13 ට සිදු කිරීමට නියමිතය. ජාතික දින උළෙලේ ආචාර පෙළපාලිය සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 3620 ක්, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ 1249 ක්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 830 ක්, ශ‍්‍රී ලංකා පොලිසියේ 1200 ක්, සිවිල් ආරක්‍ෂක බළකායේ 505 ක්, ජාතික ශිෂ්‍ය භට බළකායේ 100 ක් ඇතුළු 7504 ක කණ්ඩායමක් සහභාගී වෙති. සංස්කෘතික පෙළපාලිය සඳහා හේවිසි, සේසත් කොඩි කණ්ඩායම්, අංගම්පොර, කඩු පළිහ ඇතුළු නර්තන කණ්ඩායම්, ගොවි නැටුම් කණ්ඩායමක් ආදිය සඳහා 853 ක පිරිසක් සහභාගී වෙති.
71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 01 සිට 07 වැනි දින දක්වා රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැ`ගිලිවල ජාතික කොඩිය එසවීමට කටයුතු කරන ලෙසත් පෙබරවාරි 03 සහ 04 දිනවල එම ගොඩනැ`ගිලි විදුලි ආලෝකයෙන් අලංකාර කරන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad