රනිල්ගේ අලුත් පෙරමුණ ඉදිරි සති දෙක ඇතුළත දී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 23, 2019

රනිල්ගේ අලුත් පෙරමුණ ඉදිරි සති දෙක ඇතුළත දී !

නව දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති දෙක ඇතුලත පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (22) පැවැසීය.

එක්සත්ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දේශපාලන පක්‍ෂ,සංවිධාන ඒකරාශී කරගෙන මෙම නව දේශපාලන බලවේගය ගොඩනගන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
රට ගොඩගැනීම මෙම පුළුල් දේශපාලන පක්‍ෂයේ ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන්කළේය.

දෙමටගොඩ සියපත් සෙවණ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

No comments:

Post a Comment

Post Bottom Ad