ගෝටා දේශපාලන කටයුතු අරඹයි.. පොහොට්ටු මන්ත්‍රීන් කැදවා සාකච්ඡා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

ගෝටා දේශපාලන කටයුතු අරඹයි.. පොහොට්ටු මන්ත්‍රීන් කැදවා සාකච්ඡා..

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු දේශපාලනඥ්යන් අතර ඉතිරි වැඩ කටයුතු පිලිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පිටකෝට්ටේ වියත් මග කාර්යාලයේදී පැවත්විණ.

ඉදිරි දේශපාලන කටයුතු  පිළිබදව මෙම සකච්ඡාව පැවති අතර ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව හරහා සිදුවිය හැකි අනතුර පිළිබදව ගොඨාභය රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.

ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග , නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා  නගර සභා සභාපතිවරු එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad