ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 14, 2019

ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය


මාලිම්බඩ පොලිස් වසමෙහි හොරෙගොඩ ප‍්‍රදේශයේ 19 හැවිරිදි බාලවයස්කාර දැරියක සමග අඹුසැමි ඇසුරක් පැවැත්වු 23 හැවිරිදි පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පැවසීය.

 මෙම බාලවයස්කාර දැරිය සමග අඹුසැමි ඇසුරක් පැවත්වීමට අනුබල දුන් සැකකරුගේ ඥාතියකු වන 47 හැවිරිදි පුද්ගලයකු ද මාලිම්බඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බාලවයස්කාර දැරිය වසර එකහමාරක පමණ කාලයක් අදාල සැකකරු සමග පෙම්
සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව විමර්ශනයන්හිදී අනාවරණය වු බව මාලිම්බඩ පොලිසිය පවසයි.

 පසුගිය දිනක බාලවයස්කාර දැරිය සිය නිවසින් පිටව ගොස් ඇත්තේ පාසලෙහි පැවැත්වෙන නිවාසාන්තර මළල කී‍්‍රඩා තරඟ සඳහා සවස් කාලයේද පාසලේ රැඳෙන බවට දෙමාපියන්ට පවසමිනි.

 එහෙත් සවස් කාලයේදී දැරිය නිවසට නොපැමිණීම පිළිබඳව කලබල වූ ඇයගේ දෙමාපියන් සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසියට පැමිණිලි කර ඇත.

 බාලවයස්කාර දැරිය එදින සිය පෙම්වතා සමග අකුරැස්ස ප‍්‍රදේශයට පැමිණ පසුව දෙනාම මොරවක ප‍්‍රදේශයේ ඥාති ගෙදරක නවාතැන් ගෙන තිබේ. මාලිම්බඩ පොලීසිය විමර්ශනයන් තුළින් අනාවරණය කර ගත් කරුණු සැලකිල්ලට  ගනිමින් බාලවයස්කාර දැරිය ස්ති‍්‍ර දූෂණයකට ලක්කල 23 හැවිරිදි පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 බලවයස්කාර දැරිය මාතර මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයන් සඳහා යොමු කිරීමෙන් අනතුරුව දැරිය අපහරණයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්ථාවන් ගෙන් සනාථ කර ඇතැයි මාලිම්බඩ පොලිසිය පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad