විධායක බලතල අහෝසි කර ගැනීමට නොහැකි වුණොත් ජවිපෙන් ජනාධිපති අපේක්ෂකයෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 18, 2019

විධායක බලතල අහෝසි කර ගැනීමට නොහැකි වුණොත් ජවිපෙන් ජනාධිපති අපේක්ෂකයෙක්

විධායක බලතල අහෝසි කර ගැනීමට නොහැකි වුණොත් ජවිපෙන් ජනාධිපති අපේක්ෂකයෙක්

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත නොවුනහොත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරග වදින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පල කළේය.

තමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වන බව ද විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්තු 5 වන දා දක්වා ඒ සඳහා ආණ්ඩුවට කල් ඇති බවත්, එසේ නොවුනහොත් පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් ලෙස එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ එය සම්මත කර ගැනීමට උපරිමයෙන් කැපවෙන බවත්, එයට තුනෙන් දෙකක ඡන්දයක් පාර්ලිමේන්තුව නොලැබෙන්නේ නම්, නිසැකයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද පැවසීය.

පක්ෂයක් ලෙස රටේ විවිධ කේෂ්‍ත්‍රවල පුද්ගලයින් එකතු කර ගත් පුළුල් පෙරමුණකින් ජනාධිපතිවරණයට අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ද විජිත හේරත් මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad