ඥානසාර හිමිගේ එක් නඩුවක සිරදඬුවම අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 8, 2019

ඥානසාර හිමිගේ එක් නඩුවක සිරදඬුවම අත්හිටුවයි

අධිකරණ අපහාසය මුල්කරගත් වෙනත් නඩුවක් නිසා සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට  මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම වෙනුවෙන්  පැවරූ දෙවන නඩුවේදී
හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන්
දැනට පනවා තිබූ මාස 6 ක සිර දඬුවම - හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඊයේ (08 දා) වසර 5 කට අත්හිටවූ සිරදඬුවමක්‌ ලෙස ලබාදීමට තීන්දු කළේය.ඒ අනුව සිරගතවීමක් ඒ වෙනුවෙන් නැති අතර එම කාලය තුළ වෙනත් වැරදි කළ නොහැකිය.
 නඩු තීන්දුවට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළ ඇපෑල සලකා බලමින් මෙම තීන්දුව ඊයේ 08 දා සවස ලබාදුනි.
 මෙහිදී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාගේ උපදෙස්‌ පරිදි ඥනසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාඡ් සමරකෝන් මහතා මෙම නඩුව විමසන කාලසීමාවේදී විත්තිකාර හිමියන් කිසිදු වරදකට මීට පෙර උසාවියකට නොපැමිණි අයකු බව කීවේය.
 මෙවන් වරදක්‌ වෙනුවෙන් අත්හිටවූ සිරදඬුවමක්‌ ලබාදීම ප්‍රමාණවත් බව තම මතය බවත් ප්‍රකාශ කරමින් අදාළ දඬුවම වසර 5 කට අත්හිටවූ සිරදඬුවමක්‌ ලෙසට පැනවිය.
 ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හෝමාගම මහෙස්‌ත්‍රාත් උසාවියට විශේෂ බස්‌ රථයකින් රැගෙන ආ අතර ඒ සඳහා විශේෂ ආරක්‍ෂාවක්‌ ද යොදා තිබිණි.
මෙම නඩුවට අදාළ සිද්ධිය සිදුවූ දිනයේම හෝමාගම විනිසුරු වෙත අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් අධිකරණයට කළ බාධාව නිසා වසර 6 ක සිර දඩුවමට ලක්ව සිටින එම හිමියන් රෝගී තත්වයන් පෙන්වා බන්ධනාගාර රෝහලේ කල් ගත කරමින් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad