තරුණියට පහරදී මුහුණ සපා කා රන්මාලය කොල්ල කාලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 14, 2019

තරුණියට පහරදී මුහුණ සපා කා රන්මාලය කොල්ල කාලා

තරුණියකට පහරදී ඇයගේ මුහුණ සපා කා ගෙල බැඳි රන් මාලයේ කොටසක් කොල්ලකෑමේ චෝදනාවට සැකපිට තරුණ කාත්තාවන් දෙදෙනකු ගලෙන්බිදුණුවැව පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට හා සපා කෑම ලක් වූ තරුණිය තුවාල ලබා ගලෙන්බිඳුණුවැව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබයි.  ඇය මවගේ නිවස පිහිටි කැලෑනිකවැව ප්‍රදේශයට පැමිණ අසල්වැසි නිවසක කාන්තාවක් සමඟ  කතාබස් කරමින් සිටියදී කාත්තාවන් දෙදෙනා ඇය ආසන්නයට පැමිණ පහරදී සපා කා ගෙල
පලඳාගෙන සිටි රන්මාලයෙන් කොටසක් කොල්ලකා තිබේ.‍

පහරකෑමට ලක් වූ තරුණිය හිතවත් අසල්වැසියා සමග කතාබස් කරමින් සිටියදී එක් කාත්තාවක් පැමිණ ඇයට බැන වැදෙද්දී අනෙක් කාන්තාව ඇය සමීපයට පැමිණ කම්මුලට ගසා මුහුණ සපා කා ගෙල පලඳා ගෙන සිටි රන් මාලයන් කොටසක් හා පෙන්ඩනය කොල්ලකා  තරුණිය අත වූ රුපියල් දස දහසක්ප මණ වටිනා ජංගම දුරකථනය පොළවේ ගසා විනාශ කළ බව තරුණියගේ මව පැමිණිලි කර තිබේ.

පහරදීමට ලක් වූ තරුණිය ගෙල පලලාගෙන සිටි රන් මාලයේ කොටසක් ඇය සන්තකයේ තිබෙන බවත් අලාභය රුපියල් 43,000ක් බවත් ඇය පවසයි. පෞද්ගලික අමනාපයක් මුල් කර ගනිමින් ආරවුල ඇති වී තිබෙන බවට පරීක්‍ෂණ කරන ගලෙන්බිදුණුවැව පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාත්තාවන් දෙදෙනා ගලෙන්බිඳුණුවැව කැලෑනිකවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 හා 39 පසුවන්නන් බවත් ඔවුන් දෙදෙනා කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පැවැසුවේය. ගලෙන්බිඳුණුවැව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක සුජීව කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබිණි.


-මහේෂ් විජේසුරිය-

No comments:

Post a Comment

Post Bottom Ad