"මම දේශපාලනය ගැන කළකිරිලා ඉන්නේ - තවම සමු ගන්නවද කියලා හිතලා නැහැ" - ආනන්දි සශිහරන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

"මම දේශපාලනය ගැන කළකිරිලා ඉන්නේ - තවම සමු ගන්නවද කියලා හිතලා නැහැ" - ආනන්දි සශිහරන්

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය  යළිත්  මේ සතියේදී රාජ්‍ය සේවාව සදහා එක් විය.

ආන්නදි සෂිහරන් මහත්මිය කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන අංශයේ පාලන නිලධාරිනියක වූ අතර ඇය 2013 වසරේදී දේශපාලන කටයුතු වල නිරත වීම සදහා නිවාඩු ලබාගෙන තිබේ.

පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව අය ජයග්‍රහණය කොට උතුරු පළාත් සභාවට  මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත් වී පසුව අමාත්‍යවරියක් බවට පත්විය.

හදිසියේම යළිත් රාජ්‍ය සේවයට එක්වූයේ දේශපාලනයෙන් සමුගැනිම සදහා දැයි ආනන්දි සශිහරන් මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ දේශපාලනය පිළිබදව ඉතාම තදින් තමන් කලකිරී සිටින නමුත් දේශපාලනයෙන් සමුගැනීමට මෙතෙක් තීරණය කොට  නොමැති බවයි.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad