හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකයින් සමග ස්වස්ටර්ලන්තයේ නියෝජිතයින් සාකච්ඡාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 18, 2019

හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකයින් සමග ස්වස්ටර්ලන්තයේ නියෝජිතයින් සාකච්ඡාවක්

හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකයින් සමග ස්වස්ටර්ලන්තයේ නියෝජිතයින් සාකච්ඡාවක්

ස්විස්ටර්ලන්තයේ ශ්‍රීලංකාව පිළිබඳව පත්කොට ඇති මහලේකම් කිසෙල් ස්සෙලප් වරිය ඇතුලු නියෝජිතයින් පිරිසක් හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වූ සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ සාමජාජිකයින් සමග සාකච්ඡාවක් යාපනයේදී පැවත්විය.

යාපනයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම හමුව පැවති අතර මෙම සාකච්ඡාවට සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුලු එම පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි විසින් මහලේකම් වරියට පවසා ඇත්තේ මේ වන විට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජික පිරිස් සිටින පවුලු රැසකට එදිනෙදා බලපාන ආර්ථිකමය හා සමාජමය ඇතුලු ගැටලු රැසක් ඇතිව තිබෙන බවටත් අදාල ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට රජය විසින් සැලකිල්ලක් නොදැක්වන බවටයි.

එමෙන්ම යුද සමයේදී අතුරුදහන් වූවන් හා දේශපාලන සිරකරුවන් සමබන්ධයෙන්ද මේ වන විට ගැටලු රැසක් ඇතිව තිබෙනහෙයින් ස්විස්ටර් ලන්ත රජය වශයෙන් ශ්‍රීලංකා රජය සමග සාකච්ඡා කොට අදාල ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා ඇත.

එහිදී ස්විස්ටර්ලන්ත මහලේකම් වරිය වූ කිසෙල් ස්සෙලප් මහත්මිය විසින් අදාල ඉල්ලීම් සම්බන්ධයෙන් තම නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවටද පවසා සිටියාය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad