පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 14, 2019

පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට

පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
ප්‍රංශයට අයත් යටත් විජිතයක් වන " රී - අයිලන්ඩ් " වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (14) සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබුණි .
මෙම රී - අයිලන්ඩ් දූපත , අප්‍රිකානු මහාද්වීපයේ , මැඩගස්කර් දූපත  ආසන්නයේ පිහිටා තිබෙන්නෙකි .
 මෙම පිරිස මුහුදු මගින් රී - අයිලන්ඩ් දූපත වෙත ගොස් , එරටට ඇතුළු වී සිටියදී , ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මෙසේ පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා තිබුණි .
 මෙම පිරිස ප්‍රංශයට අයත් බෝයිං - 737 - 800 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් 2/14 දින පස්වරු 2.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 54 ක් , කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක් ද සිටින අතර , ඔවුන් යාපනය , මීගමුව සහ හලාවත ආදී ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති .
මෙම පිරිස සමග මෙම ගුවන් යානය තුළ  ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් 70 දෙනෙකු ද පැමිණ තිබූ අතර , මෙම ගුවන් යානය පස්වරු 4.30 ට පමණ ආපසු පිටත්ව ගොස් තිබුණි .
මෙසේ පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ අතර , කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මුළින්ම භාර දී තිබේ . ඉන්පසු වැඩිදුර විමර්ශන කටයුතු  සදහා මොවුන් ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
(කටුනායක ටී.කේ.ජී.කපිල )

No comments:

Post a Comment

Post Bottom Ad