”වංචනික ටෙන්ඩර් ගනුදෙනුවක් නිසා රටට තවත් මූල්‍ය අලාභයක්” – බන්දුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 17, 2019

”වංචනික ටෙන්ඩර් ගනුදෙනුවක් නිසා රටට තවත් මූල්‍ය අලාභයක්” – බන්දුල

”වංචනික ටෙන්ඩර් ගනුදෙනුවක් නිසා රටට තවත් මූල්‍ය අලාභයක්” – බන්දුල

වංචනික ලෙස හා නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුකෙරුණු ටෙන්ඩර් ගනුදෙනුවක් හේතුවෙන් රටට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ විදුලිබල අමාත්‍යාංශය යටතේ මේ අලාභය සිදු වී ඇති බවයි.

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් ලබාදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව වහාම අත්හිටුවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා එහිදි කියා සිටියේය.

ඒ අනුව එම ටෙන්ඩරය ඇතුළුව තවත් විනිවිදභාවයකින් තොරව ලබාදී ඇති ටෙන්ඩර් පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඉදිරි සතිය තුළ ලිපියක් ලබාදීමට සූදානම් වන බවයි ඔහු කියා සිටියේය.

පසුගිය සතියේ රවී කරුණානායක අමාත්‍යවරයා කෙරවළපිටිය LNG නිෂ්පාදනාගාරය ඉදිකිරීම සඳහා ටෙන්ඩරය ප්‍රධානය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සඳහා අනුමැතිය ලබාගත් බවත් මන්ත්‍රීවරයා පවසයි.

ලක්දනවි ස්වජාතික සමාගමක් අඩුමිලට ටෙන්ඩරය ඉදිරිපත් කර තිබියදී එය චීන සමාගමකවට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණු කොට තිබියදී සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩුව පෙබරවාරි 28 වනදාට විභාග කිරීමට නියමිතව තිබියදී ඒ සියලු නඩු ඉල්ලා අස්කර ගනිමින් රටට රුපියල් බිලියන 90ක පමණ අලාභයක් වෙන ආකාරයට මෙම ටෙන්ඩරය ලබා දී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසූවේ හදිසියේ මෙම නඩුව ඉල්ලා අස්කර ගත් ආකාරයේ පැහැදිලිතාවයක් නොමැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad