විභාග සමත් නම් සහතික ඉදිරිපත් කරනු.. නූගත් අපරිණතයන් එජාපයේ ජනාධිපති අපේක්‍ෂක කරන්නේ නෑ..- ඇමති රවි ඇමති සජිත්ට කෙලින්ම කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 27, 2019

විභාග සමත් නම් සහතික ඉදිරිපත් කරනු.. නූගත් අපරිණතයන් එජාපයේ ජනාධිපති අපේක්‍ෂක කරන්නේ නෑ..- ඇමති රවි ඇමති සජිත්ට කෙලින්ම කියයි..

එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කිසියම් හෝ විභාගයක් සමත් වී ඇත්නම් එහි ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කරන ලෙස එම පක්ෂයේ උප නායක ඇමැති රවී කරුණානායක මහතා අභියෝග කරයි.
අධ්‍යාපන සහතික බිත්තියේ එල්ලාගෙන නොසිට ඒවා ප්‍රසිද්ධ කරන්නැයි තමා අභියෝග කරන බවද ඔහු කියා සිටියේය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නම් කරන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.

එජාපය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන්නේ අධ්‍යාපනයක් සහිත පරිණතභාවයක් ඇති අයෙකු යයිද ඔහු පැවසීය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad