අද කැබිනට් මණ්ඩල රැස්වීමට 5 දෙනයි ජනාධිපතිගෙන් ගෝරනාඩු - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 13, 2019

අද කැබිනට් මණ්ඩල රැස්වීමට 5 දෙනයි ජනාධිපතිගෙන් ගෝරනාඩු


ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම  සඳහා ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක් පමණක් සහභාගී වී ඇති බවට වාර්ථා වෙනවා.

කැබිනට් රැස්වීම පසුගිය සතියේ සිට පෙරවරු 7.30 ට ආරම්භ වන අතර මේ සඳහා ඇමතිවරුන්ගේ සහභාගීත්වය අවම මට්ටමක පවතිනවා.

කැබිනට් රැස්වීම උදැසනින්ම පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර අදහස් පළ කරමින් සඳහන් කළේ  "දැන් මං අපේ ඇමති මණ්ඩලයටත් මේ දවස්වල උගන්වනවා උදේම නැඟිටින හැටි.  ඉස්සර ඇමති මණ්ඩලය රැස් වුණේ උදේ 9.30ට. දැන් රැස් වෙන්නේ උදේ 7.30ට. කැබිනට් එක පටන් ගන්නකොට ඉන්නේ පස් දෙනයි හය දෙනයි. ඉතින් පේනවා දවල් වෙනකම් නිදා ගන්න අය කොච්චර ඉන්නවා ද කියලා." යනුවෙනි.

කෙසේවෙතත් දුර බැහැර සිටින අමාත්‍යවරුන්ට උදෑසනින් කැබිනට් රැස්වීමට සහභාගිවීමට ඇති අපහසුතා සලකා කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු 8.30 ට ආරම්භ කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි  වාර්තා වුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad