"ආරක්ෂක අංශ සාමාජිකයන් දිවිනසා ගතහොත් යැපෙන්නන්ට කිසිම දීමනාවක් නෑ" - යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකගෙන් ප්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 15, 2019

"ආරක්ෂක අංශ සාමාජිකයන් දිවිනසා ගතහොත් යැපෙන්නන්ට කිසිම දීමනාවක් නෑ" - යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකගෙන් ප්‍රකාශයක්

රාජකාරියේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් සිය දිවි නසා ගැනීමේ අවාසනාවන්ත පුවත් පසුගිය කාළයේ බොහෝ ඇසීමට සිදු වූවා. බොහෝ විට ඒ සඳහා හේතු වී තිබුනේ පවුල් ආරවුල්, ආදර සම්බන්ධතා වැනි ගැටලුයි.

කෙසේ වෙතත් මෙලෙසට යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් සියදිවි හානිකර ගනු ලැබුවහොත් ඔහුට ඔහුගේ දෙමාපියන්ට හෝ යැපෙන්නන්ට රජය මගින් ලබාදෙන කිසිදු දීමනාවක් හිමිවන්නේ නැතැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පවසනවා.

යුද හමුදාව ඇතුළු ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට යම් ගැටලූවක් ඇත්නම් එය බලධාරීන්ට යොමුකර සහනයක් ලබාගත හැකි බව ද බි‍්‍රගේඩියර්වරයා පවසනවා. ගැටලූව ගැන බලධාරීන් නිිසි විමර්ශනයක් කර හමුදා සාමාජිකයාට සේවයෙන් ඉවත් වී යෑමට හෝ ස්ථාන මාරු ලබා ගැනීම ඇතුළු සහනයක් ලබා ගැනීමට හැකි බවත් කියවුනා.

හමුදා සාමාජිකයාට විවිධ හදිසි අවශ්‍යතා ඇති වූ විට නිවාඩු ලබා ගැනීමට හැකි බව පැවසූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම පහසුකම් ලබා නොගෙන දිවිනසා ගැනීම ප‍්‍රශ්නවලට විසඳුම නොවන බවත් මාධ්‍යයට පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad