සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනී : එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරයෙන් ඉල්ලා අස්වේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 16, 2019

සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනී : එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරයෙන් ඉල්ලා අස්වේ

නාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ.

ඉදිරියේදී තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනා බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටින්නේ.

නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට සහ රටවැසියන්ට සිය ස්තුතිය පුදකරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ.

තමන් සමග පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි සියළුම ජනතාවට සිය ස්තුතිය පුද කරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad