ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එහිදී විපක්ෂයෙන් දැඩි විරෝධතාවයක් එල්ල වූ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දක්වන අවස්ථාවල කතානායක වරයා විසින් කැමරාව නොදීම නිසා විපක්ෂයේ විරෝධතාව දිගින් දිගටම එල්ල කෙරුණා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බවයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි විසිනි.
No comments:
Post a Comment