මැති ඇමැතිවරුන් 35ක් ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි – වත්මන් රජයේ ඇමැතිවරු තිදෙනෙකුත් ඒ අතර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 26, 2020

මැති ඇමැතිවරුන් 35ක් ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි – වත්මන් රජයේ ඇමැතිවරු තිදෙනෙකුත් ඒ අතර

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ මැති ඇමැති ධුර දරන 35 දෙනෙකු ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම මැති ඇමැතින්ගෙන් බහුතරය පසුගිය යහපාලන රජය නියෝජනය කළ හිටපු ඇමැතිවරු බවද වාර්තා වේ.

දූෂණය, අයථා ලෙස වත්කම් රැස් කිරීම සහ රජයේ මුදල් අවභාවිතය යන චෝදනා මෙකී මැති ඇමැති පිරිසට එල්ල වී තිබේ.

යහපාලන රජය යටතේ ප්‍රබල ඇමැතිධුර දැරූ තිදෙනකුට දැනටමත් අධි චෝදනා යටතේ නඩු පවරා ඇත. එසේම වත්මන් රජය නියෝජනය කරන මැති ඇමැතීන් තිදෙනකුටද නඩු පවරා තිබේ.

යහපාලන රජය කාලයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කළ පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයකුටද අල්ලස් දූෂණ චෝදනාවක් එල්ලකර ඇති අතර ඒ ගැනද මේ වනවිට පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තාවේ.

පසුගිය රජය කාලයේ රජයේ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් බංකොලොත් වන ආකාරයට ගනුදෙනු සිදුකළ හිටපු ඇමැතිවරුන් තිදෙනකුට දූෂණය යන වරදට අදාළව අද හෙටම නඩු පැවරීමට නියමිතය. 


No comments:

Post a Comment

Post Bottom Ad