මට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසූ අයට විරුද්ධව නඩු ගන්නවා - ඩයනා ගමගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 27, 2020

මට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසූ අයට විරුද්ධව නඩු ගන්නවා - ඩයනා ගමගේ

මාජ මාධ්‍ය ඔස්සේ තමන්ට පහර දුන් පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදහස් කරන බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසයි. ඩයනා ගමගේ  කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීමෙන් පසු සමාජ මාධ්‍යවල තමාට එරෙහිව අසත්‍ය චෝදනා පළ කර ඇති බවයි.

ඇය ද්විත්ව පුරවැසියෙකු බවටත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසි වගන්තියට  සහාය දුන්නේ ඒ නිසා බවත් එක් පෝස්ටුවක තිබුණ බව කියන ඇය පවසන්නෙ එය නොමගයවනසුලු පුවතක් බවයි.

තමාට එරෙහි චෝදනා උසාවියට ගෙන යා හැකි බවත්, ඇය අධිකරණයේ පෙනී සිටින බවත් පවසා තිබේ.

 සමාජ මාධ්‍යවල පළ කර ඇති තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් නීතිමය පියවර ගන්නා බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.


No comments:

Post a Comment

Post Bottom Ad