සැගව සිටි බදියුදීන් CIDය එන විට ඇපල් දුරකතනය උඩුමහලෙන් බිමට දාලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 27, 2020

සැගව සිටි බදියුදීන් CIDය එන විට ඇපල් දුරකතනය උඩුමහලෙන් බිමට දාලා !

හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති සබජ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා සැඟවී සිටි දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි තෙමහල් නිවසේ තුන්වන මහලේ සිට ඔහුට අයත් ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවේ නිලධාරීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙම ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බව ඒ මහතා අධිකරණය හමුවේ විමර්ශනය සම්බන්දයෙන් කරුණු දක්වමින් කියා සිටියේය.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මේ වනවිට අත්අඩංගුවේ පසුවන නිල රථයේ කාපට් එක යට ඔහු සැඟවී පලා යන අවස්ථාවේ ඔහුට අයත් පාර්ලිමේන්තු නිල හැඳුනුම්පත සහ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති හැදුනුම්පත සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad