තමාගේ කාලයේ රෝග හයක් සම්පූර්ණයෙන්ම රටින් තුරන් කලාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුරන් කිරීමට නොහැකි වූයේ ඊට හිටපු ජනපතිවරයා ඒකට ජැක් ගහගෙන හිටපු නිසා නිසා බව රාජිත සේනාරත්න මහතා පෙන්නා දෙයි.
තමා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරද්දී මැලේරියා,බරවා,සරම්ප,රුබෙල්ලා,මවගෙන් දරුවාට වැළඳෙන පිටගැස්ම රෝගය, මවගෙන් දරුවාට වැළඳෙන එච්.අයි.වී. ඒඩ්ස් රෝගය රටින් තුරන් කළ බව පෙන්වා දෙන සේනාරත්න මහතා ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතික හයක් ගත් එකම ඇමති තමන් බව ද සදහන් කරයි.
තමන්ට තුරන් කිරීමට නොහැකි වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණක් බව ද සේනාරත්න මහතා අවධාරණය කරයි.
-ඒෂියන් මිරර්
No comments:
Post a Comment