චමින්ද වාස් පන්දු යැවීම් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 22, 2021

චමින්ද වාස් පන්දු යැවීම් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

දැනට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයක්ට පෙරාතුව වාස් සිය ඉල්ලා අස්වීම සිදු කර ඇත.

මේ පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ චමින්ද වාස් ගැන ක්‍රිකට් ආයතනයත් ක්‍රීඩාලෝලීනුත් තැබූ විශ්වාසය බිඳ දමා ඇති බවයි.

ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව මුල්‍යමය ගැටලුවක් බවද එම නිවේදනයේ සදහන්ය.

මේ අතර නිල නොවන වාර්තා පවසන්නේ මීට පෙර සිටි පන්දු යැවීමේ පුහුණුකරුට දුන් වැටුපවත් චමින්ද වාස්ට ගෙවීමට ආයතනය එකග වී නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad