බොරුව ප්‍රෝඨාව රජ කරන අද එදාවේල ටූවර්ස් දුවන ආණ්ඩුවක් රටේ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජනතාව ඇන්දු ආණ්ඩුව ජනතාවගේ ම ආශීර්වාදයෙන් ගෙදර යවන බව ද ඔහු අවධාරණය කළේ ය.
පාස්කු ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කළ මහමොළකරුවන් ලොවට ම හෙළි කර නිත්‍යානුකූල ලෙස මරණ දඬුවම පැනවීමට තම ආණ්ඩුව යටතේ අනිවාර්යෙන් ම කටයුතු කරන බව ද සජිත් ප්‍රේමදස ප්‍රකාශ කළේ ය.
විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට සූරියවැව බැඳිගංතොට ප්‍රදේශයේ දී අද (21) එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.
No comments:
Post a Comment