ජනාධිපතිතුමා විමල්ලා වගේ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. එතුමා ඉන්නෙ ගොඩක් ඉහළින් - දිලුම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 20, 2021

ජනාධිපතිතුමා විමල්ලා වගේ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. එතුමා ඉන්නෙ ගොඩක් ඉහළින් - දිලුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් සාම්ප්‍රදායික දේශපාලනයට වඩා ඉහළ තලයක හිඳිමින් දේශපාලන කටයුතු වල නියැළෙන බැවින් විමල් වීරවංශ මහතා ඇතුළු සුළු පක්ෂ ඒ මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ තර්ඩ් ක්ලාස් දේශපාලනයට අවතීරණ වන ලෙසදැයි යන්න ගැටළු සහගත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 

"දේශපාලනය කියන්නෙ මයික් එකක් ඉස්සරහට වෙලා පච පච ගාන එකයි විවාද වලට ගිහිල්ලා කෑගහන එකයි පාර්ලිමේන්තුවෙ මේ පැත්තෙ ඉඳන් අර පැත්තට මඩ ගහන එකයිනෙ අපෙ රටේ දේශපාලනය කියලා කියන්නෙ. නමුත් දේශපාලනය කියන්නෙ දේශය පාලනය කිරීම. දේශය පාලනය කරන ප්‍රධානම කෙනා, ප්‍රධානම පුරවැසියා තමයි අතිගරු ජනාධිපතිතුමා. එතකොට එතුමා දේශය පාලනය කරන එක කොහොමත් කරනවා. 

නමුත් එතුමා අර තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. ඉතිං එතුමාට ආරාධනා කරන්නෙ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නද කියන එක අපි දන්නෙ නෑ. නමුත් මම හිතනවා එතුමා දැනටත් දේශපාලනයේ ඉන්නවා, එතුමා ගමින් ගමට යනවා, ජනතාවගේ ප්‍රශ්න හොයලා බලනවා, ඒ ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබලා දෙනවා. නමුත් මේ පක්ෂවලින් ගිහිල්ලා ආරාධනා කරන්නෙ සාම්ප්‍රදායික පහළ පෙලේ දේශපාලනයට පෙළඹෙන්න කියලා නම් මේ අපිත් ඉන්න, ඒකට එතුමා පෙළඹෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. මොකද එතුමා ඉන්නෙ ඊට වැඩිය ටිකක් ඉහළින් කියන එකයි අපෙ අදහස තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ නායකයින් විසින් ජනාධිපතිවරයාට පක්ෂ දේශපාලනයට පිවිසෙන ලෙස කරන ලද ආරාධනාව සම්බන්ධයෙන් ඊයේ (20) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad