මුස්ලිම්, දෙමළ වැනි විශේෂ ජන කණ්ඩායම් ඉලක්ක කර සම්මත කර ඇති පුද්ගල නීති සහ විහාර දේවාලගම් පනත වැනි සුවිශේෂී නීති පනත් එක හා සමාන ලෙස සලකා එම නීති ඉවත් කිරීමට යෝජනා කිරීම බරපතල වරදක් බව ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා. එම නිසා මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේද පළකළ අදහස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළයුතු බවත් එසේ නොමැතිව අධිකරණ ඇමතිවරයාගේ එම අදහස් හැන්සාඩ්ගත වුවහොත් එය අනාගතයේදී ඉතා බරපතල නරක පූර්වාදර්ශයක් වියහැකි බවත් ගුණවංශ හිමි පෙන්වා දෙනවා.
අලි සබ්රි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා රැසකගේ විරෝධය එල්ල වී ඇති අතර එම විරෝධය ලිඛිතවම ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට කටයුතු කරන ඇති බවද පවසනවා.
අද වනවිට ආණ්ඩුවේ නායකයන්ට පවා ඔවුන් බලයට පත් කළේ කවුරුන් විසින්ද යන්න විටින් විට මතක් කර දීමට සිදුව ඇති බවද ගුණවංශ හිමි පවසනවා. මැති ඇමතිවරුන්ද මෙවැනි බරපතල කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී මීට වඩා වගකීමෙන්, කට පරෙස්සම් කරගෙන එය සිදුකළ යුතු බවද ඇල්ලේ ගුණවංශ හිමි අවධාරණය කරනවා.
No comments:
Post a Comment