මුදල් ඇමතිධූරයත්, අගමැතිට ම දීමේ සූදානමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 24, 2022

මුදල් ඇමතිධූරයත්, අගමැතිට ම දීමේ සූදානමක්!

මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පසු මුදල් ඇමතිිවරයා ලෙස පත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවට ද ගිය අලි සබ්‍රිට නැවත මුදල් අමාත්‍යධූරය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

සමගි ජන බලවේග‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට මුදල් ඇමතිධූරය බාරගන්නා ලෙස පසුව ආරාධනා කළ ද හෙතෙම ඒ සඳහා තවමත් කොන්දේසි ඉදිරිපත් කරමින් සිටියි.

ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩුවක මුදල් ඇමතිධූරය බාර ගැනීමට අකමැත්තක් නැති බවයි. තමන් මුදල් ඇමතිධූරය බාර ගන්නේ සියලු දෙනාට එකඟවිය හැකි වැඩපිළිවෙලක් සහිත ජාතික ආණ්ඩුවක පමණක් යැයි ඔහු කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට රටතුළ උද්ගත වී ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ වහාම මුදල් ඇමතිවරයකු පත්කිරීමේ අවශ්‍යතාව තිබේ. මේ හේතුවෙන් ඒ සඳහා අගමැතිවරයා පත්කිරීමට තීරණය වී ඇති බවත් හෙට හෝ බ්‍රහස්පතින්දා දිනයේ අගමැතිවරයා මුදල් ඇමතිධූරයේ දිවුරුම් දෙනු ඇතැයි ද පැවසේ.

ශ්‍රී ලංකාවේ 06 වතාවක් අගමැති වී සිටින රනිල් වික්‍රමසිංහ ‍මෙතෙක් කිසිදු දිනයක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර නැත.


No comments:

Post a Comment

Post Bottom Ad